
සාකච්ඡා කළේ තාරා ශ්‍රී රාම්
ලංකාව අසාර්ථක රාජ්‍යයක්ද ?
අසාර්ථක වෙමින් පවතින රාජ්‍යයක්. ඕනම රාජ්‍යයකට අනන්‍ය වූ පීඩක බලයක් තියෙනවා. එය නැති වුණාම ඒ රාජ්‍ය අසාර්ථක රාජ්‍යයක් වෙනවා. ඒ අනන්‍යය වු පීඩක බලය සාර්ථක ආසාර්ථක භාවය මනින මිනුම් දණ්ඩක්. මෑත කාලයේ මීට වඩා වෙනස් මිනුම් දඬු රාජ්‍යයක අසාර්ථක බව මනින්න භාවිතා කරනවා. එම නිර්ණායක අනුව ලංකාව තවම අසාර්ථක රාජ්‍යයක් නෙවෙයි. අපි තවම බනානා රිපබ්ලිකන් කියන තත්ත්වයට ඇවිත් නැහැ. සාර්ථක හා අසාර්ථක යන අතරමැද තැනකයි අද ලංකාව ඉන්නේ. නමුත් නිශ්චිතවම මෙහෙම ගියොත් අනිවාර්යෙන්ම අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පරිවර්තනය වෙනවා.
අද ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය යන ක්ෂේත්‍ර දෙකේම යම් බිඳවැටීමක් දකින්න තියෙනවා. මේ බිඳ වැටීම ඔබ දකින්නේ කොහොමද ?
මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙකම අපට ආනයනික තත්ත්වයෙන් ලැබුණ දේවල්. යුරෝපයේ මිනිස්සු මානව හිමිකම් දිනාගත්තෙ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි දීලා. ඒ නිසා මිනිස්සු ඒ අයිතීන්වල වටිනාකම දන්නවා. නමුත් අපේ සමාජය එහි ප්‍රයෝජ්‍ය වටිනාකම දන්නෙ නැහැ. සමාජයක් විදිහට කිදා බැහැපු අර්ථයක් නොදන්නකම නිසා මේ නිදහස අපේ සමාජය විඳින්නෙ කිසිම ගැඹුරක් නැතුව. අද ලංකාවේ ඊනියා උගතෙක් ගෙන් ඇහුවොත් මානව හිමිකම් ගැන කියන්න දෙයක් දන්නෙ නැහැ. මිනිස්සු වුණත් මානව හිමිකම් උල්ලංඝනය වුණොත් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් නැහැ. අද ඊයේ නෙවෙයි පසුගිය වසර 20-30 ක සිටම සිදු වුණේ මේ දෙයමයි. ඒකට ප්‍රධාන හේතුව සමාජයේ අවබෝධය නැතිකම.
දේශපාලන පක්ෂ සාමාජිකයෙකු ලෙස එම තත්ත්වය නැති කිරීමට මොනවද ඔබ කරන යෝජනා.
දේශපාලන පක්ෂ වලට මේක නැති කරන්න බැහැ. ඕනම සමාජයක මූලික ධර්මතාවන් පිළිබඳ සමාජ එකඟතාවක් තියෙන්න අවශ්‍යයි. විෂම සමාජ එකඟතාවන් තියෙන සමාජයක් තුළ ඥන විභාගාත්මක එකඟතාව මතයි එය සිදුවිය යුත්තේ.
නමුත් දේශපාලන පක්ෂවලටත් මේ පිළිබඳ වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම බලයේ සිටින ආණ්ඩු පක්ෂයට. ඔබ සහයෝගය පළ කරන පක්ෂය බලයට පත්වුවහොත් මෙවැනි මානව හිමිකම් කඩවීම් සිදු නොවෙන බවට දිය හැකි සහතිකය කුමක් ද ?
එවැනි සහතිකයක් මට දෙන්න බැහැ. යකාගේ හැටියට විමානේ කියනවානෙ. වංචනික තකතීරු සමාජයක දේශපාලන පක්ෂයකට විතරක් මේක කරන්න බැහැ. ඔය කියන මාර්ගයේ යන්න ගිහින් වරක් එක්සත් ජාතික පක්ෂය එක්තරා විදියකට ඇණ ගත්තා. 21 වන සියවසේ ගාමක බලවේගයක් ලෙස ඉදිරියට යන්න අමාරුයි. එහෙම යනවානම් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්ප පැත්තකට දාලා යා යුතුයි.
පසුගිය නැගෙනහිර මැතිවරණයේදී අළුත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් (CaFFE - නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය)සමඟ ඔබ කටයුතු කලා. නැගෙනහිර මැතිවරණය සම්බන්ධයෙන් ඔබේ නිරීක්ෂණයන් මොනවාද ?
මගේ පළමු නිරීක්ෂණය තමයි ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් යන්න හිංසනය හා නීති රීති කැඩීම තුළින් පමණක් මනින්න බැහැ කියන එක. අපි මෙච්චර දවසක් කලේ ඒක. ඒ නිසා හිංසනය හා නීති කැඩීම සිදු නොවන විට මැතිවරණය සාධාරණයි කියන්න දැන් බැහැ. දැන් රජය මැ

මැතිවරණ නිරීක්ෂණයේ මෙතෙක් තිබූ ඒකාධිකාරය බිඳිමින් අලූත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් බිහි වීම ගැන බොහෝ පිරිසක් සතුටු වුණා. නමුත් ඒත් සමඟම ඔවුන් තුළම පැන නැඟුන සැකයක් වූයේ CaFFE පක්ෂග්‍රාහීයි යන හැඟීම....
ඔය පක්ෂග්‍රාහීයි කියන හැඟීම ඇති වුණේ සම්පූර්ණයෙන්ම මං නිසා. නමුත් CaFFE නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ එක් අයෙක් විතරයි මම. එහි තීරණ ගැනීම සම්බන්ධයෙන් මගේ කිසිම බලපෑමක් සිදු වුණේ නැහැ. අපි අළුත් සංකල්පයක් හැදුවා. අද වෙන කොට මම CaFFE එකේ වැඩ කරන්නෙ නැහැ. ඒක අළුත් තරුණ පිරිසකට භාර දීල තියෙනවා. ලංකාවේ ඊනියා ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. හේතුව ලංකාවේ පුරවැසියෝ නැහැ. සිවිල් අවකාශය සම්පූර්ණයෙන්ම දේශපාලන සමාජය විසින් ආක‍්‍රමණය කරල තියෙන්නේ. මිනිස්සු මේක ඇතුළෙ ඉන්නෙ සවිඥනිකව හෝ අවිඥනිකවයි. CaFFE හැදුවෙ මේ ඊනියා ස්වාධීනත්වය වෙනුවට බහු පාලන ස්වාධීනත්වයක් සඳහා සාපේක්ෂ ස්වාධීනත්වයක් ඇති කිරීමට. අපි උත්සාහ කලත් එහිදී CaFFE සඳහා විවිධ පක්ෂවල අය එකතු කර ගන්න අපහසු වෙලා තියෙනවා. එතනයි අපේ දුර්වලතාවය. නමුත් දීර්ඝ කාලයකට පස්සේ අලූත් පරම්පරාවක් තුළ එ්ක සිදු වෙයි. ඒ අනුව සිවිල් සමාජය පැත්තෙන් අපි සාර්ථකයි.
CaFFE ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන් නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවාද ?
අපි CaFFE හැදුවේ මැතිවරණ නිරීක්ෂනය සඳහාම නෙවෙයි. මුළු මැතිවරණ ක්‍රියාවලියම සඳහා. මැතිවරණයක් පැවැත්වූවාට පස්සේ එ්ක දුෂිතයි කියලා වාර්ථා නිකුත් කරලා වැඩක් නැහැ. දුෂිත ක්‍රියාවලියම නැති කිරීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. පළමු කාරණය අවි දරන පිරිස් මැතිවරණ යුගයේදී ඉවත් කළ යුතුයි. දෙවනුව 17 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක කෝකටත් තෛලයක් නෙවෙයි. නමුත් යම් ආකාරයක විධිමත් බවක් ඒ තුළින් ඇති කරන්න පුළුවන්. තුන්වනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. පුද්ගලිකව මම විධායක ජනාධිපති ක්‍රමයට කැමතියි. ඒක ෆෙඩරල් රාජ්‍යයක් තුළ වටිනවා. නමුත් දැන් ක්‍රියාත්මක වන විධායක ජනාධිපති බලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම් වලට අවකාශයක් ලැබෙන්නේ නැහැ. අද විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන උපරිම බලය මේ හිමිකම් වලට බාධාවක් වෙලා තියෙනවා.
ඔබ කියපු ආකාරයට නැගෙනහිර මැතිවරණයේදී සිදු වුවාක් මෙන් ඡන්ද දුෂණ ඉදිරි මැතිවරණවලදී සිදු නොවීමට කළ හැක්කේ කුමක්ද?
පැහැදිලිවම ස්වාධීන පොලිස් සේවයක් ඇති කළ යුතුයි. පොලීසිය හා රජයේ සේවකයින් ස්වාධීන කළොත්

අද රජය මැතිවරණ පවත්වන්නේ Testing System එකකට. පළාත් වශයෙන් මැතිවරණ පවත්වා ප්‍රතිඵල බලමින් ඉදිරි මැතිවරණ තීරණය කරන මේ අලූත් ක්‍රමය ගැන ඔබේ අදහස මොකක්ද?
මේක බල දේශපාලන ව්‍යාපෘතියක කොටසක්. රජයට අද සිදුවෙලා තියෙනවා මැතිවරණ පැවැත්වීමට. ඊට හේතු ගණනාවක් තියෙනවා. මේ වනවිට ජාත්‍යන්තරව සිදුවෙන බරපතල කොන්වීම නිසා ලංකාවට සැහැල්ලූ සම්බාධක පැනවෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේම අපේ විදේශ සංචිතය සීඝ්‍ර ලෙස අඩුවෙලා. ලංකාවේ ආර්ථීකය ඉතා බරපතල තත්ත්වයක තියෙන්නේ. 2009 වසර වෙනකොට දරුණු ආර්ථික හා සාමාජීය තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ සියල්ල සමඟින් රජයට සිදු වෙලා තියෙනවා ජාත්‍යන්තරයේ බලපෑම නිසා සාම සාකච්ඡා අරඹා දේශප්‍රේමයේ හතුරා වන සාමය කරා යාමට. මේ හේතු නිසා මගේ අනුමානය මේ වසර තුළ සියලූම මැතිවරණ කොටස් ලෙස පවත්වා වසර අවසාන වෙන කොට ප්‍රධාන මැතිවරණයකට යාමටයි රජයේ අදහස.
බලයේ ඉන්න කණ්ඩායම උත්සාහ දරන්නේ කොහොම හරි මැතිවරණය දිනා ගැනීමට. ඔබගේ පක්ෂය බලයේ ඉන්නවා නම් මැතිවරණය කොහොම හරි දිනනවා කියන අදහස ඔබේ පක්ෂයටත් අදාළයි කිව්වොත්.
පසුගිය වසර 50 තුලම මේ රටේ ආණ්ඩු වැටුණා මිසක් පෙරළලා නැහැ. කවුරු හරි කොහොම හරි බලයේ ඉන්න පුලූවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. රොබට් මුගාබේ සිම්බාබ්වේ කලා වැන්නක් ලංකාවේදී කරන්න බැහැ. අපි ඉන්නේ දේශපාලනික ලෙස යම් තරමකින් සවිඥනික සමාජයක. ලංකා ඉතිහාසයේ ඉන්නවා එහෙම හිතපු අය. නමුත් එයාලට අවසානයේ සිදු වුණේ අකුලා ගෙන යන්න. එක්සත් ජාතික පක්ෂයෙත් එහෙම හිතන අය ඉන්න පුළුවන්. නමුත් ඒක ඛේදවාචකයක් මිස යථාර්ථයක් වෙන්නේ නැහැ. හැබැයි කෙනෙකුට බලයේ ඉන්න ඕන නම් ඒකටත් කල යුතු දෑ තියෙනවා. ඒ රට සංවර්ධනය කිරීමෙන්.
මැතිවරණ කොමිෂන් සභාව අද බාලගිරි දෝෂයට අහුවෙලා. මේ ආකාරයට කොමිසමක් ස්ථාපිත කිරීම කල් දැමීම පිළිබඳ ඔබේ අදහස....
මේක 17 වන සංශෝධනය හරහා එන අනිටු ප්‍රතිඵලයක්. මැතිවරණ කොමිසම ගැන කතා කළාට මිනිස්සුන්ට ඒක ගැන සංවේදීකමක් නැහැ. රාජ්‍යයට නියෝජිතයෝ පත් කරන අවස්ථාවේදී ඒ නියෝජිතයෝ විසින්ම මැතිවරණ පවත්වනවා නම් ඒක ස්වාධීන වෙන්නේ නැහැ. ඒ නිසයි ස්වාධීන පිරිසක් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය වෙන්නේ. එහිදී සියලූ මැතිවරණ කටයුතුවල පරම බලධාරියා වන්නේ කොමිසම හෝ කොමසාරිස්. මෙය සිදු නොවීමයි ගැටලූව. මේක ඉල්ලන්න ඕන සමාජය විසින්. නමුත් ඔවුන්ට මේ ගැන හැඟීමක් නැහැ.
වර්තමානයේ ලංකාවේ සිවිල් සමාජයේ යම් බිඳ වැටීමක් දකින්න පුලූවන්. ඔබ දේශපාලන සමාජයක සාමාජිකයෙක් විදිහට සිවිල් සමාජය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඔබ නියෝජනය කරන පක්ෂය බලයට පැමිණි අවස්ථාවකදීත් සිවිල් සමාජය සමඟ මේ ආකාරයට සම්බන්ධතා පවත්වනවාද?
ලංකාව නිසි සංවර්ධනය කරා ගෙන යාමට නම් දේශපාලන සමාජයට වගේම සිවිල් සමාජයටත් යම් කිසි ප්‍රමිතියක් තියෙන්න ඕන. දෙගොල්ල දෙගොල්ලන් ගැනම සවිඥනික වෙන්න ඕන. මේක හරියට රේල් පාරක් වගේ. සිවිල් සමාජයේ කියලා හිතන හාදයෝ එක පීල්ලක යනවා. දේශපාලන සමාජයේ කියලා හිතන අය අනෙක් පීල්ලේ යනවා. පුරවැසියන් ලෙස යම් යම් ප්‍රතිපත්තිමය බලයක් සිවිල් සමාජය විසින් දේශපාලන සමාජය වෙත යෙදිය යුතුයි. අපිට අවශ්‍ය මේ සම්බන්ධය සක්‍රීය ලෙස මෙම සමාජ දෙක තුළ ඇති කරන්න. අද දේශපාලන සමාජයට මතයක් නැහැ. පසුගිය කාලයේ සිවිල් සමාජයේ සිට දේශපාලන සමාජය වෙත ගිය ඇතැම් මිනිස්සු ඒ ගැන සළකුණක්වත් නොපෙන්නා දේශපාලන චණ්ඩි බවට පත් වෙනවා. අවසානයේ කොහේවත් ඉන්න රස්තියාදුකාරයෝ ටිකක් බලයට එනවා. ඉතිං රජයට බැණලා වැඩක් නැහැ. අපි හිතනවා අනාගතයේදී මේ තත්ත්වය නැති කරන්න පුළුවන් කියලා.
ගහලා ඉවර කරන ප්‍රතිපත්තියට අනුව අද කෙරෙන යුද්ධය ගැන ඔබේ අදහස මොකක්ද?මම බරපතල විදිහට යුද්ධයට විරුද්ධයි. අද පවතින යුද්ධයේ දර්ශනයටත් මම විරුද්ධයි. ඒක යල් පැන ගිය මතයක්. පුනර්ජීවන යුගයට පෙර පැවති මිලිටරි යුගයේදී යුද්ධයේ අරමුණ හතුරා සමූල ඝාතනය කළ යුතුයි කියන මතය. නමුත් පුනර්ජීවන යුගයෙන් පසු බිහිවුයේ සතුරා තමන්ගේ න්‍යාය පත්‍රය සමඟ ගනුදෙනු කිරීමට එකඟ කරවා ගැනීම සඳහා මිලිටරි බලය පාවිච්චි කිරිමේ සම්ප්‍රදායක්. අද යුද්ධය ගැන තියෙන ගෝරනාඩුව ඒ මිලිටරි ක්‍රමටත් විරුද්ධයි. අද

බලයට පත් වීමට පෙර ෆෙඩරල්වාදී අදහස් දරපු ඇතැම් පිරිස් බලයට පත්වූ පසු තමන්ගේ ප්‍රතිපත්ති පසෙකට දා පවතින රජයේ ප්‍රතිපත්ති සමඟ එකඟව කටයුතු කරනවා. ඔබටත් ඒ තත්ත්වයම උදා වෙයිද?
මම පක්ෂයකට සහයෝගය පළ කරන කෙනෙක් විතරයි. ඒ නිසා අපිට පුළුවන් බලපෑම් කිරීමට පමණයි. නමුත් මම ප්‍රබලව විශ්වාස කරනවා අනාගත නිර්මධ්‍යගත රාජ්‍යයක් පිහිටු වීමට සන්දර්භයේ අවශ්‍යතාවක් තියෙනවා. මේ සමාජයට, රාජ්‍යට පවතින්න නම් එය කල යුතුම වෙනවා. එය මගේ ෆැන්ටසිය නිසා කරන වෑයමක් නෙවෙයි. ඒ සඳහා සමාජ යථාර්ථය විසින් බල කිරීමක් කළ යුතුයි. මම කටයුතු කරන්නේ පසුගිය වසර 20 තුළ කටයුතු කල ආකාරයටමයි. අනාගතයේ ඒකීය ආණ්ඩුවක් බිහිකිරීමට සුදානම් වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ බල ව්‍යාපෘතියෙන් මම ඉවත් වෙනවා.
ජාතික ප්‍රශ්ණය පිළිබඳ සමස්තයක් ලෙස ඔබ දරන්නේ කුමන මතයක්ද?
ලංකාවේ ජාතික ප්‍රශ්ණය ගැන මං දරන්නේ අලූත් අදහසක්. ඒ අනුව මම විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ සාමය කියන්නේ ක්‍රමෝපායික සාමයක්. ස්ථාවර සමාජයක් බිහිවෙන්න සිංහල, දෙමළ, මුස්ලිම්, ජාතීන් තුනේම අභිප්‍රායන්වල ක්‍රමෝපායික සමතුලිතතාවක් තියෙන්න ඕන. එකෙක්ගේ අයිතිවාසිකම් කැපකර අනෙකාට අයිතිවාසිකම් ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැක්කක්. අපි සිංහල බෞද්ධ සමාජයේ සාධාරණ අභිලාශයන් ගැන විශ්ලේෂණයක් කළ යුතුයි. සාමය කියන්නේ රාජ්‍ය හැදීමේ උපක්‍රමයක්. ජාතික රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණ වගේම සිංහල, දෙමළ මිනිස්සු කොහොමද එකට ඉන්නේ කියන එක තේරුම් ගන්නන් ඕන. ලංකාවේ අද තියෙන දෙමළ ප්‍රශ්ණය ආරම්භ වෙන්නේ දීර්ඝ කාලෙක ඉඳන්. අද තියෙන ප්‍රශ්ණෙට විසඳුම හොයන්න ප්‍රශ්ණය විකාශනය වුණ තැනේ සිට පැමිණීම කළ නොහැකියි. ලංකාවේ හුඟාක් සාමවාදීන් ප්‍රශ්ණයේ මුලාරම්භක හේතුවලට විසඳුම් සෙවීමෙන් ප්‍රශ්ණය විසදෙනවා කියලා විශ්වාස කරනවා. ඒක මිත්‍යාවක්. අපි බලන්න ඕන එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන ආර්ථික අපේක්ෂාව ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ දේශපාලන ආර්ථික අපේක්ෂාවමද කියලා. ඒක නිසා සාමය ගැන අපිට නැවතත් හිතන්න වෙනවා. ජාත්‍යන්තරවාදීව සිතීමෙන් මේ ප්‍රශ්ණයට විසඳුමක් සොයන්න බැහැ.
Back to HOME click
No comments:
Post a Comment