
අප්‍රිකානු කලාපීය ජාතීන් ඔවුන්ගේ නායකයන් හට විරුද්ධව යම් ක්‍රියාමාර්ග සඳහා ගොස් ඇත්තේ ඉතා කලාතුරකිනි. මෙනිසා අප්‍රිකානු කලාපය තුළ අල් බෂීර් ජනාධිපතිවරයාට බල කිරීම් හා සීමා කිරීම් ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. සඳුදා දින සුඩාන ජනාධිපතිවරයා කාර්ට්‍රම් නුවර රාජ්‍ය උත්සවයක පෙනී සිටිය අතර එයට සහභාගී වු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා නායකයන් ප්‍රීති ඝෝෂා මැද සිනා මුසු මුහුණින් සිටි අතර හමුදා තුර්යවාදක කණ්ඩායම් දේශානුරාගී ගීත පසුබිමින් වාදනය කරන ලදි.
මොරේනෝ ඔකැම්පෝ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම නිසා ඇතිවන අවදානම පිළි ගනිමින් කියා සිටියේ ඔහු හට මේ පිළිබඳ වගකීමක් ඇතිබවයි. ”මම අධිකරණය ඉදිරියේ නඩු පැවරීමේ නීති නිලධාරී ලෙස කටයුතු කරමින් සිටින්නෙමි”. කඳවුර තුළදී අල් බෂීර් පිරිමින් මරා දැමීමටත්, කාන්තාවන් දුෂණය කිරීමටත් බලය යොදවා ඇත. ඔහුට උවමනා කර තිබුණේ ෆර් මෙසොලයිට් සහ සැග්වා ගෝත්‍රවල අතීතය මුලිනුපුටා දැමීමටයි. ඒ පිළිබඳ සාක්ෂි එමට තිබේ. බෂිර් ජනාධිපතිවරයාට විරුද්ධව චෝදනා 10 ක් ගොනු කර ඇති අතර එයින් 03 ක් වර්ග ඝාතනයට අදාළ වන අතර මනු

කෙසේ වෙතත් සුඩාන විමුක්ති ව්‍යාපාර එකතුව සහ ඩාෆූර් කැරලි කණ්ඩායම් ඕනෑම යුධ අපරාධකරුවකු සුඩානය තුළින් අත් අඩංගුවට ගෙන ඉවතට ගෙන යාම පිළිබඳ එකඟ වන අතර සහයෝගය දීමටද ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් සුඩානය අල් බෂීර් පිළිබඳව සලකා බැලීම ප්‍රතික්ෂේප කළහොත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කාර්ට්‍රම් නුවර පාලනාධිකාරයට වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට කරනු ලබන බලපෑමක් දක්වා දිවයනු ඇත.
ඩාෆුර් සුරැකීමේ සංවිධානයේ සභාපති ජෙරි ෆ්ලවර් ප්‍රකාශ කරනු ලැබුයේ නඩු පැවරීමේ නීති නිලධාරීවරයා අල් බෂිර් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන චෝදනා, තීරණාත්මක මොහොතක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය මඟින් සුඩානය කරා යුධ මැදිහත් වීමක් සඳහා අවධාරණය කිරීමට යෙදු උපාය මාර්ගයක් බවයි.
Back to HOME click
No comments:
Post a Comment